-2.5 C
New York

විහාරාධිපති ධූරය ඉල්ලා ගසක් මතට වැඩිය භික්ෂුව

Published:

පඬුවස්නුවර රජමහා විහාරයේ විහාරාධිපතිකම ලබාදෙන ලෙස බලකරමින් එම විහාරස්ථානයේ හිමිනමක් ගසකට නැග පැය 08ක උපවාසයක් කළ බව පඬුවස්නුවර පොලිසිය පවසයි.

උහන්ගොඩ ශ්‍රී රතනසාර හිමි එම විහාරස්ථානයේ විහාරාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී අපවත්වීම හේතුවෙන් විහාරාධිපතිධූරය මිරිහානේගම සුමනසිරි හිමියන්ට පවරාදීමට කටයුතු කර තිබේ.

මෙම තීරණයට එරෙහිව ගලගෙදර විපුලසාර හිමියෝ හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ හිරිපොකුණ ප්‍රදේශයේ ගසක් මතට නැග ඊයේ (02) විරෝධතාවක යෙදුණහ.

මෙම හිමිවරු දෙදෙනා ම රජමහා විහාරස්ථානයේ ම වාසය කර ඇති අතර විපුලසාර හිමි නිතරම ගැටුම් ඇතිකරගන්නා බවට හෙට්ටිපොළ පොලිසියට කිහිප වතාවක් ම පැමිණිලි ලැබී තිබිණි. ඒ හේතුවෙන් මාසයකට වැඩි කාලයක් විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව ද ලබා දී ඇත. පොලිස් ආරක්ෂාව ඉවත්කර විහාරස්ථානයේ විහාරාධිපති ධූරය තමන්ට පවරන ලෙස ඉල්ලමින් එම හිමියන් ගසට නැග තිබිණි.

Related articles

Recent articles

spot_img