කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 16,082ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,451ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 111ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,333ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සම්පත් බැංකුව රුපියල් මිලියන 290
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 148
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 69
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 10
- බ්‍රවුන් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 5.7
- සම්පත් බැංකු කොටස් මිලියන 5.4
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- අමානා ලයිෆ් සමාගම 22%
- සිංගර් ඉන්ඩස්ට්‍රීස් සමාගම 15%
- සිට්රස් හික්කඩුව සමාගම 14%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- සම්පත් බැංකුව කොටස් මිලියන 03ක් රුපියල් 53.00 බැගින්
- එන්ඩීබී බැංකුව කොටස් 500,000ක් රුපියල් 42.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 341
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 133ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 85ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 48ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 22
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 15
- හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 11
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 14
- ටෝකියෝ සිමෙන්ති සමාගම රුපියල් මිලියන 10
- රේණුක ඇග්‍රෝ සමාගම රුපියල් මිලියන 06