1.4 C
New York

ගාල්ලේ නිවාස දෙකකට දැඩි හානි

Published:

විශාල මාර ගසක් අද (01) දහවල් දැඩි සුළඟත් හේතුවෙන් කඩා වැටීමෙන් ගාල්ල, නරාවල, ගල්වලගොඩ කන්දේ නිවාස දෙකකට දැඩි අලාභහානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පවසයි.  

අද දහවල් 1.30ට පමණ ගාල්ලේ ප්‍රදේශ කිහියකින් දැඩි සුළං තත්වයක් වාර්තා වූ අතර ස්ථාන කිහිපයක ම ගස් කඩා වැටීම් ද සිදුව තිබිණි. විදුලි විසන්ධිවීම් ද වාර්තා විය.

බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ පිහිටි මෙම නිවාස දෙකට හානි සිදුවීම හේතුවෙන් නිවාස දෙකෙහි සිටි පුද්ගලයන් 10 දෙනකු අවතැන්ව ඇත.

Related articles

Recent articles

spot_img