-2.5 C
New York

දැරියක අපයෝජනය කළැයි සැක හාමුදුරුවෝ පහරදීමකින් අපවත්වෙති

Published:

අටහැවිරිදි දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටි 70 හැවිරිදි හිමිනම පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හෙට්ටපොළ පොලිස් බල ප්‍රදේශයේ හිතතරපොළ, අගාරඋඩ අවාාසය විහාරස්ථානයේ වැඩවිසූ එළුවාගොඩ වගීෂ්වර නමැති භික්ෂුවකි.

බෝධිපූජාවක් පැවැත්වීම සඳහා අගාරඋඩ ආවාසය විහාරස්ථානයට ගොස් බෝ මලුව ඇමදීමට ඉදලක් රැගෙන ඒමට දැරිය විහාරස්ථානයේ ඇතුළට ගිය අවස්ථාවේ දී මෙම හිමිනමගේ අතවරයට ලක්වී ඇත. දැරිය පවසා ඇත්තේ ඉන් පෙර දී ද කිහිප අවස්ථාවක දී හිමිනම ඇය අපයෝජනයට ලක්කළ බවයි. දැරියගේ පියා මේ බව දැනගෙන ඔහුගේ සහෝදරයකු ද සමඟ විහාරස්ථානයට ගොස් සොයා බැලීමේ දී භික්ෂුව විහාරස්ථානයෙන් පළාගොස් ඇත. පොලිසියට ද මේ ගැන පැමිණිල්ලක් කර ඇති අතර පොලිසිය පැවසුවේ  පැමිණිල්ලට අනුව සොයා බැලීමේ දී හිමියන් විහාරස්ථානයේ නොසිටි බවයි.

පළාගිය එම භික්ෂුව අසළ ඇති රජමහා විහාරයක සැඟවී සිටිය දී දැරියගේ පියා සහ තවත් කිහිප දෙනකු එක්ව නැවත අගාරඋඩ ආවාසය විහාරස්ථානයට රැගෙනවිත් ඇති බව ද දැනගන්නට ලැබී ඇත.  

එම හිමියන් දැඩි ලෙස පහරකෑමට ලක්ව විහාරස්ථානයේ සිටින බව ගම්වාසීන් විසින් හෙට්ටපොළ රෝහලට දැනුම් දීමෙන් පසු සුවසැරයි ගිලන්රථයක් ගෙන්වා කුලියාපිටිය මූලික රෝහලට රැගෙන ගොස් තිබිණි.

භික්ෂුවගේ තත්වය බරපතල වූයෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යවා ඇති අතර එහි දී භික්ෂුව අපවත්වී ඇතැයි පොලිසිය පවසයි.

Related articles

Recent articles

spot_img