-2.5 C
New York

පාස්කු නඩුවලින් නිදහස් කරන්න යැයි මෛත්‍රීගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

Published:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන් එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන්න යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය විසින් අද (01) නිෂ්ප්‍රභා කෙරිිණි.

එය නිෂ්ප්‍රභා කරන ලද්දේ රුපියල් 21,000.00ක ගාස්තුවකට ද යතටත් කරමිනි.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව වින්දිතයින් විසින් නඩු 108ක් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබේ.

Related articles

Recent articles

spot_img