කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 12,063ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,414ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 10ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,188ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 203
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 193
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 784
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- යුනියන් බැංකුව කොටස් මිලියන 05
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාම කොටස් මිලියන 4.9
- එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 04
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම 14%
- මුලර්ස් සමාගම 09%
- රෝයල් ෆාර්ම්ස් සමාගම 08%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් 370,000ක් රුපියල් 139.00 බැගින්
- ලංකා අයිඕසී සමාගම කොටස් ලක්ෂ 07 රුපියල් 200.00 බැගින්
- එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම කොටස් ලක්ෂ 03ක් රුපියල් 139.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 348
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 186
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 115ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 81ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 34ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 37
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 16
- බුකිට් ධාරා සමාගම රුපියල් මිලියන 08
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- යුනියන් බැංකුව සමාගම රුපියල් මිලියන 17
- ලංකා ලුබ්‍රිකන්ට් සමාගම රුපියල් මිලියන 14
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 11
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ