-1 C
New York

මැතිවරණය පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

Published:

කල්දැමීමට මැතිවරණයක් නැතැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කීව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසන්නේ මැතිවරණයක් පවත්වන බැවින් ජාතික ජන බලවේගයේ පෙළපාලිය නවතා දැමූ බවයි.

නමුත් ඊයේ (27) කොළඹ දී විරෝධතා පෙළපාළිය පැවැත්වූව‌වේ ද මැතිවරණයක් ඉල්ලමිනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවස්නනේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක පෙළපාලි යාම සම්පූර්ණයෙන් ම තහනම් බවයි. ජාතික ජනබලවේගයේ පෙළපාලිය පොලිසිය විසින් නවතා දැමුව ද ජනහමුවට කිසිදු බාධාවවක් නොකළ බව ද හෙතෙම කීවේය.

පූර්ව අවසරයක් ඇතිව සාමකාමී ලෙස පවත්වන උද්ඝෝෂණවලට පොලිසිය කිසිදු බාධාවන් නොකරන බවත්, මාර්ගවල පෙළපාලියාමට අවසර නොදෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි. හයිඩ් පිටියේ ඊට පෙර දිනක පැවැති රැස්වීමට පොලිසිය බාධා නොකළ බව ද හෙතෙම පෙන්වාදුන්නේය.

Related articles

Recent articles

spot_img