-0.3 C
New York

පාසල් ඇරඹුනහොත් ළමයි 50%යි. කල්ගියොත් වැඩසටහන් රැසක්

Published:

තුන්වැනි පාසල් වාරය ආරම්භකිරීම නොවැම්බර් 23 වැනි දා දක්වා කල් දැමූ අරත එදිනට පාසල් ආරම්භ වන්නේ නම් එහි දී පාසල් ආරම්භ කළ යුතු ආකාරය පිළිබඳ අධ්‍යාපන අධ්‍යක්ෂවරු සමඟ අද (06) සාකච්ඡා කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.

පසාල්වල සිසු සිසුවියන්ගෙන් 50% පමණක් පාසලට ගෙන්වීමටත් වේලාව වෙනස් නොකර පුද්ගල දුරස්ථභාවය හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුව පාසල් පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව ද මහාචාර්ය වරයා මෙහි දී අදහස් විමසා තිබේ.

ලබන 23 පාසල් ආරම්භ කිරීමට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය නොලැබෙන්නේ නම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට ද මෙහි දී සාකච්ඡා කර ඇත.

ඒ අනුව මාර්ගගත ඉගැන්වීම, අධ්‍යාපන වැඩසටහන් රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමටත, උසස් පෙළ අධ්‍යාපන වැඩසටහන් නිෂ්පාදනය කර ගුරු ගෙදර රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් මාලාවක් සංවර්ධනය කිරීමටත් මෙහි දී සාකච්ඡා කර ති‌බේ.

අන්තර්ජාල පහසුකම්, රූපවාහිනී හෝ ගුවන් විදුලි පහසුකම් නොමැති පාසල් දරුවන් කෙරෙහි පවා අවධානය යොමුකර ඇති බව ද ඔවුන් වෙනුවෙන් ස්වයං අභ්‍යාස කළ හැකි මුද්‍රිත ඉගෙනුම් කට්ටල ලබාදීමටත්, සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් සිසුන් 50ත්, 100ත්, අතර සහ සිසුන් 50ට අඩු පාසල් දරුවන් පාසල් වෙත ගෙන්වා ගනිමින් හෝ ඔවුන් වෙත සහය වීමට වැඩපිළිවෙළක් සකසන බවත් අධ්‍යාපන ලේකම්වරයා කීවේය. .

Related articles

Recent articles

spot_img