-0.7 C
New York

ලංකාවේ විදුලිය ඇති නිවාස 10%ක් අඳුරේ ගිලෙන අවදානමක්

Published:

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 06කට වැඩි පිරිසකට විදුලි බිල් ගෙවාගත නොහැකිව විදුලිය විසන්ධිවීමේ බරපතල අවදානමක් ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙවැනි තත්වයක් රටේ උද්ගත වී ඇත්තේ ආගමික මධ්‍යස්ථාන රැසක් අධික විදුලියක් පරිභෝජනය කරමින් සහනාධාර ඉල්ලා සිටින තත්වයක් ද පවතිද්දී ය.

පසුගිය 22 වැනි දා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් කියා සිටියේ අධික බිල් ගෙවාගත නොහැකිව වතුකරයේ නිවාස රැසක් අඳුරට යනු ඇති බවයි.

මේ නිසා වතු ජනතාව සඳහා සහනදායී ක්‍රමයක් ඇතිකරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ  60ක් පමණ වෙයි.

Related articles

Recent articles

spot_img