-2.5 C
New York

මහින්ද යළි අගමැතිධූරයට ?

Published:

මහින්ද රාජපක්ෂ නැවත වතාවක් අගමැතිවරයා ලෙස පත්කිරීමේ සැළැස්මක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසයි. ඔහු පවසන්නේ දිනේෂ් ගුණවර්ධන අගමැතිධූරයෙන් ඉවත්කර මහින්ද යළි අගමැතිකිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සහය ඉල්ලා සිටින බවයි.

“අගමැති ධූරය වෙනස් කරලා රටේ තියෙන ප්‍රශ්න ‍විසඳන්න බෑ. හිතේ අමාරුවට කොට්ට මාරු කරලා වැඩක් නැහනේ. මේකට අපි සහය දෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ දැන්වත් දේශපාලනයෙන් විශ්‍රාම යා යුතුයි. ඔහු රට වෙනුවෙන් කරපු යම් දෙයක් තියෙනවා නම් දැන් ඒ කීර්තිය ආරක්ෂා කරගන්න නම් නැවත අගමැති නොවිය යුතුයි” යැයි ද චන්න ජයසුම වැඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

spot_img