-2.5 C
New York

“විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පවුල් පිටින් රට යන්න රජය සල්ලි දෙනවාට ජනපති එරෙහි වෙයි. ‍ යෝජනා රැසක් ඉවතට

Published:

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා විදේශගත වීමේ දී ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද රජයෙන් ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදෙන ලෙසට ඉදිරිපත් කර තිබූ යෝජනාවක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.

පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වසර 07 බැගින් වූ නිවාඩුවක් අවස්ථා දෙකක දී හිමි වෙයි. ඉන් වැඩි දෙනකුට මෙම අවස්ථාව හිමිවන්නේ ශිෂ්‍යත්වයක් ලෙසිනි. එවැනි අවස්ථාවල දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පවුලේ සාමාජිකයන් ද විදේශගත වන බැවින්, පවුලේ සාමාජිකයන්ට ද රජයේ වියදමින් ගුවන් ටිකට්පත් ලබා දෙන ලෙස ඉල්ලීම ඉදිරිපත් ව තිබිණි.

එමෙන් ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට හිමි දීමනා බදු ඉවත් කරන ලෙසත් විශ්ව විද්‍යාල උපකුලපතිවරු සම්මුඛ පරික්ෂණ පවත්වා පත් නොකරන ලෙසට ද ඉල්ලීමක් ඉදිරිපත්ව ඉදිරිපත්ව ඇත. ඒ සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා පවසා ඇත්තේ විශ්වවිද්‍යාල සනාථන සභාවෙන් ඉදිරිපත් කරන නම් තුනක් අතරින්න එකකට තමන් අනුමැතිය දෙන බවයි. ඒ අනුව එම යෝජනාව ද කැබිනට් මණ්ඩලයට ඒ ආකාරයෙන් ඉදිරිපත් වන්නේ නැත.

මීට අමතරවව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ පිළිතුරු පත්‍ර සැකසීම වෙනුවෙන් රජයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙත ගෙවන මුදල් සඳහා බදු අය‍නොකරන ලෙස ද ඉල්ලා තිබිණි.

විශ්ව විද්‍යාල සමිති සම්මේලනයේ යෝජනා මාලාවක් ලෙස මෙම ලියවිල්ල උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කැබිනට් අනුමැතිය වෙනුවෙන් ඉදිරිපත් කර තිබිණි.

Related articles

Recent articles

spot_img