කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 15,752ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,536ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 95ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,255ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- හේලීස් සමාගම රුපියල් මිලියන 186
- සම්පත් බැංකුව රුපියල් මිලියන 142
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 92
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාග කොටස් මිලියන 10
- යුනියන් බැංකුව කොටස් මිලියන 05
- එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 03
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ටාජ් හෝටල් සමාගම 16%
- සර්වෝදය ෆිනෑන්ස් සමාගම 14%
- එස්එන්බී ලීසිං සමාගම 14%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- සම්පත් බැංකුව කොටස් ලක්ෂ 15ක් රුපියල් 49.00 බැගින්
- හේලීස් සමාගම කොටස් ලක්ෂ 04ක් රුපියල් 77.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 345
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 208
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 115ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 75ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 40ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ලයන් බෲවරි සමාගම රුපියල් මිලියන 53
- ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 20
- ජෝන් කීලිස් සමාගම රුපියල් මිලියන 13
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- යුනියන් බැංකුව රුපියල් මිලියන 38
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 11
- ඩිස්ටරරීස් සමාගම රුපියල් මිලියන 06
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ