spot_img
spot_imgspot_img

ජපානය බියට පත්කළ අද්භූත බෝලය කුමක් ද ?

පුවත්

විදෙස්

මුහුදේ පාවී ආ විශාල ලෝහමය බෝලයක් හේතුවෙන් ජපානයේ හමාමට්සු නගරය ආසන්න වෙරළ තීරය තහනම් කලාපයක් බවට පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම බෝලය දුටු වහාම නගර වැසියන් විසින් ඒ බව ආරක්ෂක අංශවෙත දැනුම් දී ඇති අතර එය කිසියම් ආකාරයක පුපුරන ද්‍රව්‍ය සහිත බෝම්බයක් විය හැකි බැවින් වෙරළ තීරය තහනම් කලාපයක් කිරීමට ප්‍රථමයෙන් ම පියවර ගෙන තිබිණි.

බෝම්බ නිෂ්ක්‍රිය අංශ පැමිණ එම ගෝලාකාර වස්තුව ස්කෑන් පරීක්ෂණයකට ලක්කළ විට කිසියම් ලෝහයකින් සාදා ඇතත් ඇතුළත ඇත්තේ හිස් කුහරයක් බව තීරණය කිරීමත් සමඟ පිපිරීමකින් සිදුවිය හැකි විනාශයක් පිළිබඳ තිබූ බිය තුරන්ව ගොස් ඇත.

එතෙක් බොහෝ දෙනකු සිතා සිටියේ දෙවැනි ලෝක යුද්ධය පැවැති කාලයේ ජපානය ආසන්නයේ මුහුද යට සවිකර තිබූ බෝම්බයක් වෙරළට ගොඩගසා ඇති බවයි. එහි එක් පැත්තකින් යමකට සවිකළ හැකි ආධාරක දෙකක් ද දක්නට ලැබෙන බව ජපාන ආරක්ෂක අංශ පවසයි.

මෙම ගෝලාකාර වස්තුව මීටර 1.5ක් පමණ විශ්කම්භයකින් යුක්තය.

එය යකඩ හෝ යකඩ මිශ්‍ර ලෝහයකින් සාදා ඇතැයි අනුමාන කරන අතර බෙහෙවින් මළකා ඇති බව පෙනෙන්නට තිබේ. සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන්නේ මේ බෝලය අභ්‍යාවකාශයෙන් පැමිණි එකක් හෝ වෙත් ආකාරයක නිරීක්ෂණ බැලූනයක් විය හැකි බවයි.

නමුත් ජපාන සන්නද්ධ හමුදා සහ වෙරළාරක්ෂක නිලධාරීන් පවසන්නේ නැවක භාවිතා කරන ලද යකඩ ගෝලයක් ඉන් ගැල වී මෙලෙස වෙරළට ගොඩගසා ඇතැයි විශ්වාස කරන බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!