සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18 සිට

0
86

2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 18 සිට 28 දින දක්වා පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසන්නේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමට විභාගය පෙර සැළසුම් කළ ආකාරයට පැවැතත්වීම අවශ්‍ය බවයි. මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද මහාචාර්යවරයා කියා සිටියේය.

මේ අතර සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ විෂය නිර්දේශ සම්පූර්ණ කර ඇති ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් කැඳවීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ මාර්ගයෙන් ලබාගැනීමට නියමිතය.

ඒ ඒ විෂයයන්ට අදාලව සම්පූර්ණ කර ඇති විෂය කරුණු හා තවදුරටත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සමාලෝචනය කිරීමට ද සැළසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here