spot_img
spot_imgspot_img

නොදිරන කුණු ටොන් 08ක් මාස තුනක දී සිරිපා අඩවියට එකතු කරලා

පුවත්

විදෙස්

ශ්‍රී පාද වන්දනා කාලය ආරම්භවී ගත වූ පළමු මාස 03කට ආසන්න කාලයේ දී වන්දනාකරුවන් විසින් දිරා නොයන ඝන අපද්‍රව්‍ය ටොන් 08ක් (කිලෝ ග්‍රෑම් 8,000ක්) නල්ලතන්නිය මාර්ගය දෙපසට එකතුකර ඇතැයි මස්කෙළිිය ප්‍රාදේශීය සභාවේ වැඩබලන ලේකම් සිවරාම් රාජවීරන් පවසයි.

පසුගිය සති කිහිපයේ විශාල පිරිසක් ශ්‍රී පාද වන්දනාවේ පැමිණීම හේතුවෙන් විශාල වශයෙන් අපද්‍රව්‍ය එකතුවී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. නල්ලතන්නිය – ශ්‍රී පාද මාර්ගයේ මෙම දිරානොයන අපද්‍රව්‍ය තොග ඉවත්කිරීම මස්කෙළිය ප්‍රාදේශීය සභාව මගින් සිදුකරයි.

“ශ්‍රී පාදස්ථානය පිහිටා ඇති ශ්‍රී පාද රක්ෂිතය අතිශය සංවේදී පරිසර පද්ධතියක්. කැළි කසළ හා දිරා නොයන ඝන අපද්‍රව්‍ය මේ පුදබිමට රැගෙන නොඑන ලෙසත් රැගෙන එන අපද්‍රව්‍ය පරිසරයට එකතු නොකරන ලෙසත් කොතරම් ඉල්ලීම් කළත් බැතිමතුන් වැඩි දෙනෙක් ඒවා ගණනකට ගන්නේ නැහැ. අපි දිගින් දිගටම මේ ගැන දැනුම්වත් කරනවා. මාධ්‍ය මගිනුත් මේ ගැන ප්‍රචාරය කරනවා. නමුත් කියන්න කණගාටුයි බොහෝ දෙනෙක් ගෙන එන අපද්‍රව්‍ය තැන තැන දාලා පරිසරය විනාශ කරනවා. ජාතික සම්පත් විනාශ කිරීමට ඒ අය අනියම් ලෙස දායක වන බව මෙයින් පේනවා. එය ඉතාමත් කණගාටුවට කරුණක්. මේ අපද්‍රව්‍ය ඉවත්කරන්න රුපියල් මිලියන ගණනක් වැය කරන්න අපේ ප්‍රාදේශීය සභාවට සිදුව තිබෙනවා එය දරාගන්න බැරි මුදලක්.“

මේ වනවිට ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන් ඉලක්ක කරගෙන එක්තරා ව්‍යාපාරික ආයතනයක් විසින්  විසින් කෝඩු පැකට් අළෙවි කරනු ලබන අතර මුල්වරට සිරීපාදය වන්දනා කරන අය ඉලක්ක කරගෙන මේ ව්‍යාපාරය කරගෙන යයි. මෙවර සිරීපාද මාර්ගය හා ඒ දෙපස වැඩියෙන්ම එකතු වී ඇත්තේ එම අපද්‍රව්‍ය බව ප්‍රාදේශීය සභා සේවකයෝ කියති.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!