-2.5 C
New York

අපේක්ෂකයන්ගේ ඇප මුදලට කුමක් සිදුවේ ද ?

Published:

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වැනි දා පැවැත්වීමට නොහැකියැයි ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇතත් තැන්පත් කරන ලද ඇප මුදල් නැවත ගෙවීමට නොහැකි බව ‍මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එලෙස ඇප මුදල් නැවත ගෙවීමට හැකි වන්නේ නාම යෝජනා අවලංගු කිරීමක දී පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා කීවේය.

නාම යෝජනා අවලංගු වන්නේ සීමා නිර්ණය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කිරීමෙන් හෝ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට පනතක් මගින් නාමයෝජනා අවලංගු කිරීමට කටයුතු කළහොත් පමණි.

පළාත් පාලන මැතිවරණ‍ය නොපවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක් කර නැත. එම කොමිසම දන්වා ඇත්තේ සැළසුම් කළ පරිදි මාර්තු මස 09 වැනි දා මැතිවරණය පැවැත්විය නොහැකි බව පමණි.

Related articles

Recent articles

spot_img