-2.5 C
New York

අද මධ්‍යම රාත්‍රියෙන් පසු රනිල් වික්‍රමසිංහට ලැබෙන අසීමිත බලය මෙන්න

Published:

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය අද (20) මධ්‍යම රාත්‍රියේ සිට හිමිවෙයි.

හිටපු අමාත්‍යවරයකු වන ජී.එල්.පීරිස් සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයාට මෙතෙක් නොහැකි වූ බැවින් ජනමතය උරගා බැලීමේ අවස්ථාව අහිමිව තිබූ බවයි. දැන් තනි පුද්ගලයකු වූ ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට හැකි බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම බලය භාවිතා කර ජනතාවට තමන් කැමති රජයක් පත්කරගැනීමට ඉඩ දෙනු ඇතැයි තමන් තරයේ විශ්වාස කරන බව ජී.එල්.පීරිස් කීවේය.

පාර්ලිමේන්තු මැතිවරණයකින් පසු පළමු සැසිවාරය විවෘතකළ දින සිට අවුරුදු දෙකකුත් මාස 06ක කාලයකින් පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය හිිමිවෙයි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු රනිල් වික්‍රමසිංහට වත්මන් පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් කැඳවීමේ හැකියාව තිබේ.

Related articles

Recent articles

spot_img