රෝහලේ සිටින විට රෝග ලක්ෂණ නැත්නම් PCR පරීක්ෂණත් නෑ

0
131

රෝහල්ගත කරන ලද කොරෝනා රෝගියකුට රෝග ලක්ෂණ නොමැතිනම් දින 14කට පසු පීසීආර් පරීක්ෂණයක් නොපවත්වාම රෝහලින් පිටත්කර යැවීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අද (06) සවස් වනවිට ආසාදිත රෝගීහු 5,355 දෙනෙක් හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිති.

පසුගිය දිනක රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියා සිටියේ නිරෝධායනය කාලසීමාවෙන් පසු පීසීආර් පරීක්ෂණ නොපවත්වාම ඔවුන් සමාජගත කිරීම මේ වනවිට සිදුවන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය 30 වැනි දා කොරෝනා රෝගීන් සිටින මධ්‍යස්ථාන වෙත ලිපියක් යොමුකරමින් කොවිඩ් ආසාදිතයන් රෝහල්වලින් පිටත්කර යැවීම සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබුණි.

ඒ අනූව, පී.සී.ආර්. පරීක්ෂාවකින් තහවුරු වන ආසාදිතයකු PCR පරීක්ෂාවකින් තොරව රෝහලෙන් පිටත් කර යවන්නේ අදාළ දින 14 තුළ කිසිදු කොවිඩ් 19 රෝග ලක්ෂණයක් නොපෙන්වුවහොත් පමණි.

මේ අනුව පුද්ගලයන් ස්වයං නිරෝධායනයට යොමු කෙරෙන ආකාරය සහ එම පිරිස් යළි සමාජගත කෙරෙන ආකාරය පිළිබඳව ජාතික මාර්ගෝපදේශයක් නිකුත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here