9.9 C
New York

මැතිවරණය දින නියමයක් නැතිව කල් යයි ?

Published:

පළාත් පාලන මැතිවරණය සැළසුම් කළ පරිදි පැවැත්වීමට නොහැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මගින් දැනුම්දීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වෙයි.

මුදල් නොමැතිවීම හේතුවෙන් මැතිවරණය පැවැත්විය නොහැකි බව මෙම සතියේ එලෙස දන්වා සිටීමට නියමිත ව ඇත.

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට, මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කරන්න යැයි ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබූ අවස්ථාවේ මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ලබන මාර්තු මස 09 වැනි දා මැතිවරණය ස්ථිරව ම පවත්වන බවයි.

එම පෙත්සම් දෙක ඉදිරිපත් කර තිබුණේ රංජිත් මද්දුම බණඩාර සහ ‍ජී.එල්.පීරිස් විසිනි. මැතිවරණ කොමිසමේ දැනුම්දීම මත එම පෙත්සම් දෙක ඉල්ලා අස්කරගැනීමට ඔවුන් දෙදෙනා කටයතු කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ දී වූ පොරොන්දුව අනුව මැතිවරණය නොපැවැත්වීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදුවන බැවින් මෙලෙස මෝසමක් ඉදිරිපත් කර මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි දැනුම් දීමට මැතිවරණ කොමිෂන් සභාව සැළසුම් කර ඇත.

මැතිවරණ කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කරන්නේ මැතිවරණය ස්ථිර වශයෙන් ම කල් දැමීමට සිදුවන බවයි.

Related articles

Recent articles

spot_img