-3.4 C
New York

සංගීත සංදර්ශනය, ශබ්දය සම්බන්ධ පොලිස්පති චක්‍රලේඛ අනුව පමණයි

Published:

හබරණ අලි කොරිඩෝවට යාබදව පැවැත්වීමට සංවිධානය කර ඇති “ඩීප් ජන්ගල් මියුසික් ඇන්ඩ් කල්චරල් ෆෙස්ටිවල්” නමැති සංගීත ප්‍රසංගය 2031/2007 පොලිස්පති චක්‍රලේඛය අනුව පමණක් පැවැත්විය යුතු බව හිඟරක්ගොඩ මහේස්ත්‍රාත් උදුම්බරා දසනායක නියෝග කළාය.

මෙම රෙගුලාසි අනුව සංගීත සංදර්ශනය පැවැත්වෙන්නේ ද යන්න අධීක්ෂණය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 20 දෙනකු සහ වනජීවී නිලධාරීන් 10 දෙනකු යොදවන ලෙස ද එම නියෝගයේ සඳහන් කර ඇත.

මෙම සංගීත ප්‍රසංගයට එරෙහිව පරිසරවේදීන් කිහිප දෙනෙකු විසින්  හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක් ගොනුකර තිබිණි. පොලිස්පති චක්‍රලේඛය සහ පොලිස් ආඥා පනතේ 80(1) වගන්තිය යටතේ රාත්‍රී 10:00 සිට පසුදින උදෑසන 6.00 දක්වා කාලයට වලංගු  වන සේ ශබ්ද විකාශන යන්ත්‍ර හෝ ඒ ආකාරයේ වෙනත් උපකරණ භාවිතා නොකළ යුතු බවත් එම නියෝගයේ සඳහන් වේ.

ඒ සමගම ඉහත කී ඩීප් ජන්ගල් මියුසික් ඇන්ඩ් කල්චරල් ෆෙස්ටිවල්  සංගීත ප‍්‍රසංගය එම ප‍්‍රසංගය පවත්නා පරිශ‍්‍රයේ මායිම්වලින් ඔබ්බට නෑසෙන පරිදි කටයුතූ කිරීම සහ ශබ්ද විකාශන සහ ශබ්ද වර්ධක භාවිතා කිරීමකින් තොරව පවත්වන ලෙසට කොන්දේසි සහිත ආඥාවක් ද නිකුත් කරන ලදී.

නීතිඥ එස්. එච්. එම්. හසාන් හමීඩ් සමඟ නීතිඥ නිශානි උදේශිකා පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

රෙයාර් සංවිධානය, වනසත්ව සහ ස්වභාරක්ෂක සංගමය සහ  පරිසර යුක්ති කේන්ද්‍රය මෙම නඩුව ගොනුකර තිබිණි.

Related articles

Recent articles

spot_img