spot_img
spot_imgspot_img

කොළඹ ද ? තරුණ ද ? ජනමාධ්‍ය ක්ෂේත්‍රයට එන්න අවස්ථාව මෙන්න

පුවත්

විදෙස්

ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට උනන්දුවක් සහ ආශාවක් ඇති කොළඹ පදිංචි තරුණ තරුණියන් සඳහා පුහුුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සංවිධානය කරන මෙම ‍වැඩමුළුවේ දී ලේඛනය පිළිබඳ පුහුණුවක් සහ ජංගම දුරකථන භාවිතයෙන් ජනමාධ්‍යකරණයේ (MOJO) නියැළෙන ආකාරය ද පුහුණු කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව පුරා පැතිරුණු තරුණ ජනමාධ්‍ය ජාලයක කොටස්කරුවන් වීමට මේ පුහුණුව ලබන තරුණ තරුණියන්ට අවස්ථාව ඇත.

ලේඛනය පිළිබඳ වැඩමුළුව රැස පුවත්පතේ හිටපු ප්‍රධාන උප කර්තෘ සහ මාධ්‍ය පුහුණුකරුවකු වන ජයසිරි ජයසේකර විසින් සිදුකරන අතර MOJO ‍පුහුණුව එම විෂය ප්‍රවීණ පුහුණුකරුවන් වන ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණමාල් සහ චන්දන තිලක් ද සිල්වා විසින් මෙහෙයවනු ලැබේ.

ඔබ කොළඹ පදිංචිනම්, තරුණයකු හෝ තරුණියක නම්, ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට උනන්දුවක් සහ ආශාවක් ඇත්නම් පෙබරවාරි 18 වැනි දාට පෙර නම, ලිපිනය, වයස, අධ්‍යාපන මට්ටම සහ දුරකථන අංකය / වට්ස් ඇප් අංකය යන තොරතුරු 0769994623 වට්ස් ඇප් කරන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!