10.2 C
New York

OIC ඇතුළු පොලිස් නිලධාරීන් 04 දෙනකුට මරණ දඩුවම්

Published:

පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් 04 දෙනකුට මරණ දඬුවම ලබාදීමට හම්බන්තොට මහාධිකරණනය අද (15) නියෝග කළේය.

මෙලෙස මරණ දඬුවම නියම කර ඇත්තේ 2005 වර්ෂයේ තිස්සමහාරාම පොලිසියට අනුයුක්තව සේවය කළ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් 04 දෙනකුටය.

තිස්සමහාරාම ප්‍රදේශයේ කරන ලද වැටලීමක් අතරතුර පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට ඔවුන් සිවේ දෙනා වරදකරු වීම හේතුවෙන් මරණ දඬුවම නියම කර ඇත.

අදාළ නඩුව හම්බන්තොට මහාධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය විසින් එම නිලධාරීන්ට මරණ දඬුවම නියම කර ඇත.

Related articles

Recent articles

spot_img