spot_img
spot_imgspot_img

වෙනස් කොරෝනා විශේෂයක් මුගටින්ගෙන් පැතිරෙයි. භයානක තත්ත්වයක් ?

පුවත්

විදෙස්

මුගටි විශේෂයකින් තවත් කොරෝනා වයිසරයක් මිනිසුන් අතරට පැමිණ ඇතැයි ඩෙන්මාර්කයේ පර්යේෂකයන් විසින් අනාවරණය කර තිබේ. ඔවුන් පවසන්නේ එය කොවිඩ් – 19 වයිරසයේ ම තවත් ප්‍රබේදයක් බවයි.

ඩෙන්මාර්කයේ ලොම් ලබාගැනීම සඳහා ඇති කරන මින්ක් ලෙස හැඳින්වෙන මුගටි විශේෂයකින් මේ වයිරසය මිනිසුන්ට බෝ වී ඇත. බෝවන රෝග පිළිබඳ කටයුතු කරන ඩෙන්මාර්ක් රජ්‍ය ආයතනය විසින් මෙම සොයාගැනීම සිදුකර තිබේ. පසුගිය ජුි මාසයේ සිට මේ දක්වා මුගටින්ගෙන් බෝවන කොරෝනා ප්‍රබේදය ආසාදනය වූ පුද්ගලන් 214 දෙනකු සොයාගෙන ඇති අතර ඉන් 12 දෙනකුගෙන් මෙම කොරෝනා වයිරස ප්‍රබේදයේ විකෘති ආකාරයක් ද සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම වයිරසය මුගටි ගොවිපොළ 05ක් ආශ්‍රිතව දක්නට හමුවී ඇත. එරට සෞඛ්‍ය අමාත්‍ය මැග්නස් හියුනික් පවසා සිටියේ උතුරු ඩෙන්මාර්කයේ කොරෝනා ආසාදිත පුද්ගලයන් 783 ක් අතරින් අඩකට මුගටින්ගෙන් කොරෝනා සම්ප්‍රේෂණය වන්නට ඇති බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ කොවිඩ් -19 මිනිසුන්ගෙන් මුගටින්ට බෝවී නැවත එය වෙනස්කම්වලට භාජනය වී යළි මිනිසුන්ට බෝවන්නට ඇති බවයි.

ඩෙන්මාර්කයේ අගමැති මැටී ෆෙඩ්‍රික්සන් මෙසේ පවසයි.

“එය ඉතා බරපතලයි, මේ අනුව පැහැදිලි වන්නේ මුගටින් තුළ ඇති විකෘති වයිරසය ලෙව පුරා විනාශකාරී ප්‍රතිවිපාක ගෙනදිය බව. දැනට ගොවිපොළ 207ක් ආශ්‍රිතව ආසාදිත සතුන් දක්නට ලැබෙනවා. එය ඉතා දරුණු තත්ත්වයක්.”

මේ හේතුවෙන් ඩෙන්මාර්කය පුරා ගොවිපලවල සිටින මින්ක් මුගටි මිලියන පහක් පමණ මරා දැමීමට කටයුතු කරන බව ඩෙන්මාර්ක රජය පවසයි.

ලෝක සෞඛය සංවිධානය ද මේ සම්බන්දව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඩෙන්මාර්කය ලෝකයේ ප්‍රධාන ලොම් අපනයනකරුවෙකි. එහි අපනයන වලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නේ චීනයයි.

ඩෙන්මාර්කයේ මේවනවිට කොරෝනා ආසාදිතයන් 52,265ක් වාර්තා වන අතර මරණ733ක් සිදුවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!