spot_img
spot_imgspot_img

මවගේ රුධිරයෙන්, කෝටිපතියාගේ මළ සිරුර හඳුනාගනී

පුවත්

විදෙස්

ඉදිකරමින් තිබූ නිවසක පිහිනුම් තටාකයේ තිබී හමුවූ නරක් වූ මළ සිරුර අතුරුදන්ව සිටි කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ බව DNA පරීක්ෂණයක් මගින් තහවුරු කරගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

ව්‍යාපාරික රොෂාන් වන්නිනායක පසුගිය ජනවාරි 30 වැනි දා සිට අතුරුදන්ව සිටි අතර පසුගිය 02 වැනි දා ඔහුගේ යැයි සැක සිතිය හැකි මළ සිරුරක් පැලවත්ත එම්.ඩී.එච්.පුර ඔහු විසින් ඉදිකරමින් තිබූ තෙමහල් නිවසක ඉහළ මහළේ නාන තටාකයේ තිබී සොයා ගැණිනි.

හඳුනාගත නොහැකි තරමට නරක් වී තිබූ එම මළ සිරුර නිශ්චිතව හඳුනාගැනීම සඳහා ඩීඑන්ඒ පරීක්ෂණයට මළසිරුරෙන් ලබාගත් රුධිර සාම්පල සහ රොෂාන්ගේ මවගෙන් ලබාගත් රුධිර සාම්පල යොමුකළ අතර එම පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇත්තේ එම මළ සිරුර රොෂාන් වන්නිනායකගේ බවයි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරු ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු රැසක් පාපොච්ඡාරණය කර තිබෙන අතර දුරකථන ඇප් එකක් හරහා ඔහු මීට මාසයකට පමණ පෙර ව්‍යාපාරිකයාව හඳුනාගෙන ඇති බව පවසා තිබේ.  

ඔවුන් දෙදෙනා හමු වූ පළමු දවසේ දී ම සමීප ඇසුරක් පැවැත් වූ බවත් ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා සිටි අවස්ථාවේ දී එය නොදුන් බැවින් පොල්ලකින් පහර දී ඝාතනය කළ බවත් ඔහු පොලිසියට පවසා තිබේ.

ඝාතනය සඳහා යොදාගත් පොල්ල නිවස තුළ තිබී සොයාගෙන ඇති අතර නිවසේ ම තිබී සොයාගත් පාවිච්චිකරන ලද උපත්පාලන කොපුවක් ද රස පරීක්ෂක වාර්තාවක් සඳහා යොමු කිරීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!