-2.5 C
New York

කොළඹ කොටස් වෙළෙද පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 12,931ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,188ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 11ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,987ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 189
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 97
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 72

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 08
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 03
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 02

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්‍හෝල්  සමාගම 33%
  • රේඩියන් ජෙම්ස් සමාගම 13%
  • ඊඑම්ඒ කන්සල්ටන් සමාගම 12%

සංවෘත කවය තුළ කොටස් ගනු දෙනු වූ සමාගම්

  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 36.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 366
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 205
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 199

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 307ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 16ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 292ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 180
  • ටෝකියෝ සිමෙන්ට් සමාගම (X) රුපියල් මිලියන 84
  • එයිට්කන්ට් ස්පෙන්ස්  සමාගම රුපියල් මිලියන 25

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 6.9
  • හේලීස් එම්ජීටී සමාගම රුපියල් මිලියන 1.5

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img