-2.5 C
New York

මැතිවරණය පවත්වනවා ද නැද්ද ? අවසන් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන්

Published:

මැතිවරණයට අවශ්‍ය සියලු කටයුතු සිදුකරගෙන ගිය ද ඡන්දය පවත්වනවා ද ? නැද්ද ? යන්න තීරණය කිරීමට සිදුව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත යැයි මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසයි.

ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ගැටලුව නිරාකරණය කර දෙන්න යැයි මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වෙත ඉල්ලීම් කළ ද ඒ සඳහා මෙතෙක් යහපත් ‍ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

මේ වනවිට මැතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරමින් පවතී. පවතින තත්වය පිළිබඳ මැතිවරණ කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂව සහ විපක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් වී ඇති අතර එම පෙත්සම් සම්බන්ධයෙන් ලැබෙන තීන්දුව අනුව මැතිවරණය පැවැත්වීම හෝ නොපැවැත්වීම ගැන අවසන් තීරණය ගැනීමට සිදුවන බව ද සභාපතිවරයා පැවසීය.

Related articles

Recent articles

spot_img