මෙරට ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කාර්යාල සහ කළමනාකරණ ඒකක 55ක්, වසා දැමීමටත්, ඒකක 32ක කටයුතු අත්හිටුවීමත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
මීට අමතරව කළමනාකරණ ඒකක 46ක් අවම කාර්ය මණ්ඩලයක් සහිතව පවත්වාගෙන යාමට ද එහි දී තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ රජය මුහුණ දී ඇති දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් ඒවා පවත්වාගෙන යාම අපහසු වී ඇති බැවිනි.
විවිධ කරුණු පදනම් කරගෙන පිහිටුවා ඇති ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවීම, එම කාර්යාල සහ ඒකක සඳහා කාර්ය මණ්ඩල විශාල වශයෙන් බඳවාගෙන තිබීම යන කරුණු සැළකිල්ලට ගෙන ඒවායේ කාර්යයන් සමාලෝචනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත්කර තිබිණි. හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වූ එච්.ටී.ඊ.කමල් පද්මසිරිගේ ප්‍රධානත්වයෙන් පත්කළ එම කමිටුවේ නිර්දේශ අනුව මෙම තීරණය ගෙන තිබේ.
අදාල කමිටුවේ නිර්දේශ අනුව මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දේ මුදල, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමති වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.



