spot_img
spot_imgspot_img

තුර්කියේ මරණ 20,000 ඉක්මවිය හැකියි. පසු කම්පන 120ක්

පුවත්

විදෙස්

තුර්කියේ සිදුවූ රිච්ටර් මාපක 7.8ක ප්‍රබල භූමිකම්පනයෙන් මියගිය පිරිස 20,000 ඉක්මවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කරයි.

පසුගිය 06 වැනි දා අලුයම මෙම භූමිකම්පාව සිදුවූයේ තුර්කියේ, සිරියානු දේශසීමාව සමීපයේ පිහිටි ගාසිඇන්ටෙප් නගරය ආසන්නයේ ය. භූමිකම්පාවෙන් විනාශ වූ ගොඩනැගිලි අතර සිරවී සිටින පුද්ගලයන් බේරාගැනීමටත්, මළ සිරුරු සොයාගැනීමටත් මෙහෙයුම් තවමත් දියත් වෙමින් පවතී.

මේ අතර තුර්කි ජනාධිපතිවරයා රටේ ගිනිකොණදිග ප්‍රදේශයට ඊයේ (07) සිට මාස තුනක කාලයක් බලපැවැත්වෙන පරිදි හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ වනවිට ගණනය කර ඇති පරිදි තුර්කියේ සහ සිරියාවේ අවම වශයෙන් ගොඩනැගිලි 6,000ක් පමණ විනාශ වී ඇත. එලෙස හානි වූ ගොඩනැගිලි අතරින් වැඩිම ප්‍රමාණයක් මහල් නිවාස වීම හේතුවෙන් මරණ සංඛ්‍යාව අතිවිශාල ප්‍රමාණයක් බව ආපදා කළමනාකරණ අංශ පවසයි.

භූ කම්පාව හේතුවෙන් තුර්කියේ හැටෙයි ගුවන් තොටුපොළෙහි ධාවන පථය, පුපුරා දෙකඩ වී තිබුණි. තුර්කියේ ගාසිඇන්ටෙප් හි පිහිටි රෝමානු යුගයට අයත් ඓතිහාසික මාළිගයට ද හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සිරියානු සිවිල් යුද්ධයෙන් බැට කෑ සරණාගතයින් මිලියන ගණනක් රැඳීසිටින උතුරුදිග සිරියාවේ ඇලැප්පෝ නගරයට ද භූ කම්පනයෙන් බරපතළ හානි සිදුව ඇත.

7.8ක විශාලත්වයෙන් යුක්ත වූ භූමිකම්පාවෙන් පසු ඊයේ (07) දිනයේ දී ද රිච්ටර් මාපක 5.5ක භූමිකම්පාවක් සිදුව තිබූ අතර මේවනවිට සිදුව ඇති පසු කම්පන සංඛ්‍යාව 120 ඉක්මවා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තුර්කියේ දින 07ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!