-2.5 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 14,342ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,222ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 124ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,975ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 764
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 302
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 126

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 13
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 05
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • නේෂන්ස් ලංකා  සමාගම 20%
  • කෙල්සි ඩිවෙලොපර්ස් සමාගම 15%
  • ක්‍රිස්වරේල්ඩ් සමාගම 09%

සංවෘත කවය තුළ කොටස් ගනු දෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව කොටස් මිලියන 468,000ක් රුපියල් 92.50 බැගින්
  • ලංකා ටයිල් සමාගම කොටස් ලක්ෂ 12ක් රුපියල් 45.00 බැගින්
  • ලංකා ලුබ්‍රිකන්ට් සමාගම කොටස් ලක්ෂ 02ක් රුපියල් 107.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් ලක්ෂ 03ක් රුපියල් 145.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 370
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 1,021ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 342ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 679ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 352
  • එයිට්කන්ට් ස්පෙන්ස්  සමාගම රුපියල් මිලියන 287
  • ටෝකියෝ සිමෙන්ට් සමාගම (X) රුපියල් මිලියන 18

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එක්ස්‍පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2.5

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img