-3.4 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 17,619  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,317ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 78ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,100ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 460
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 453
  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම රුපියල් මිලියන 124

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 08
  • ඩයලොක් ආසියාටා සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඊබී ක්‍රීසි සමාගම 15%
  • කලම්බු සිටි සමාගම 10%
  • සතොස මෝටර්ස් සමාගම 09%

සංවෘත කවය තුළ කොටස් ගනු දෙනු වූ සමාගම්

  • සම්පත් බැංකුව කොටස් මිලියන 01ක් රුපියල් 45.50 බැගින්
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් ලක්ස 09ක් රුපියල් 192.00 බැගින්
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් ලක්ෂ 26ක් රුපියල් 10.00 බැගින්
  • ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් 1,475,000ක් රුපියල් 15.60 බැගින්
  • ජෝන් කීල්ස් කොටස් මිලියන 01ක් රුපියල් 145.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 379
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 490ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 27ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 463ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 287
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 107
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 37

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 14
  • කෙමනෙක්ස් ඉන්ටර්නැෂනල් සමාගම 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img