-0.7 C
New York

කුරුණෑගල බලය පොහොට්ටුවට අහිමිවෙයි

Published:

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තනතුර සඳහා එක්සත් ජාතික පක්ෂයේ සුමේධ අරුණශාන්ත එහි සභිගයන්ගේ ඡන්දයෙන් අද (02) උදෑසන පත්වූයේය.

හිටපු නගරාධිපතිවරයා ධූරයෙන් ඉවත්කිරීමෙන් පසු නගරාධිපතිවරයකු තෝරාපත්කර ගැනීම සඳහා අද ඡන්ද විමසීම සිදුකෙරිණි. එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විජයානන්ද වෙඩිසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ සුමේධ අරුණශාන්ත ඉදිරිපත් වූ අතර වෙඩිසිංහට ඡන්ද 06ක් ද, සුමේධට ඡන්ද 10ක් ද හිමිවිය. ඒ අනුව කුරුණෑගල මහ නගර සභාවෛ් 17 වැනි නගරාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ සුමේධ අරුණශාන්ත පත්වූයේය.

ඉංග්‍රීසි ගුරුවරයකු වන ඔහු ලක්දාස් ද මෙල් විදුහලේ සහ වෙන්නප්පු ජෝශප් වාස් විද්‍යාලයේ අදා සිසුවෙකි. ඔහු මේ වනවිට 50 හැවිරිදි වියේ පසුවන අතර දෙදරු පියෙකි.

ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයට කුරුණෑගල මහ නගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටියි.

Related articles

Recent articles

spot_img