-2.5 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) දිනයේ ගනුදෙනු 14,494ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,541ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 84ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,950ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 239
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 175
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 164

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 07
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 06
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කලම්බු සිටි සමාගම 25%
  • ඒසියා ඇසෙස්ට් සමාගම 15%
  • එස්එන්බී ලීසිං සමාගම  12.5%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 378
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 195
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 250ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 05ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 245ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 206
  • ටෝකියෝ සිමෙන්ට්  සමාගම (X) රුපියල් මිලියන 30
  • ටෙක්සචර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 06

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 01
  • බොගවන්තලාව වැවිලි සමාගම 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img