8.6 C
New York

පුද්ගලයන් 8,451ක් ජනවාරියේ ඩෙංගුවලට ගොදුරු වෙලා. දෙවැනි කාණ්ඩයේ පැතිරීම වැඩියි

Published:

ජනවාරි මාසයේ දී පමණක් ඩෙංගු ආසාදිතයන් 8,451ක් වාර්තා වී ඇතැයි ජාතික ‍ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ පවසයි.

ඇය පවසන්නේ ඩෙංගු රෝගීන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ ‍ඩෙංගු දෙවැනි කාණ්ඩයේ රෝගීන් ඒ අතරින් වැඩිපුර වාර්තාවන බවයි.

ඩෙංගු රෝගයේ 1,2,3 සහ 4 වශයෙන් කාණ්ඩ 04ක් දැකිය හැකි අතර එකම පුද්ගලයකුට හතර වතාවක් ඩෙංගු ආසාදනය වීමේ ඉඩක් ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.

“මේ දිනවල දක්නට ලැබෙන විශේෂ දෙයක් තමයි නිවෙස්වල ඩෙංගු මදුරුවන් වාර්තාවීමේ අඩුවක් තිබෙනවා. නමුත් ඉදිකිරීම් ස්ථාන, ආගමික ස්ථාන සහ පාසල් ආශ්‍රිතව ‍‍ඩෙංගු මදුරුවන් බෝ වීම වාර්තා වෙනවා. විශේෂයෙන් ම ගම්පහ, කොළඹ, කළුතර, පුත්තලම, කල්මුණේ සහ යාපනයේ ඩෙංගු ව්‍යාප්තියේ වර්ධනයක් තිබෙනවා.”

ඩෙංගු බවට හඳුනාගත් රෝගීන්ගෙන් 57%ක් ම දෙවැනි කාණ්ඩයේ ඩෙංගු රෝගීන් බව ද ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

Related articles

Recent articles

spot_img