5.6 C
New York

පකිස්තානයේ අබිරහස් මරණ 18, හඳුනානොගත් රෝගයක් දැයි සැකයක්

Published:

පකිස්තානයේ අබිරහස් රෝගයකින් කුඩා දරුවන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

පකිස්තානයේ ප්‍රධාන වෙළෙඳ නගරය වන කරච්චි නගරයේ මේ රෝය පැතිරෙමින් පවතින බව එරට සෞඛ්‍ය සේවා ප්‍රධානී අබ්දුල් හමීද් ජුමානී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය. මෙම මරණ වාර්තා වී ඇත්තේ ජනවාරි 10 සිට 25 අතර කාලයේ දී ය.

මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැති  මෙම රෝගය කරච්චි නුවර “කෙමාරි” ප්‍රදේශයේ වෙරළාශ්‍රිත මවාව් ගෝත් නමැති ධීවර ගම්මානය කෙන්ද්‍ර කරගනිමින් පැතිරුණු බවට සැකකරයි.

මියගිය පුද්ගලයන් දැඩි උණ, උගුරේ ඉදිමීම සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වූ බව ඔවුන්ගේ ඥාතීන් පවසා ඇත.

මියගිය 18 දෙනා අතර එම ගම්මානයේ එකම පවුලක සාමාජිකයන් ද සිටින බව මාධ්‍ය වාර්තා කරයි.

‍පකිස්තානයේ සෞඛ්‍ය ප්‍රධානීන් පවසන්නේ අබිරහස් රෝගය කුමක්දැයි සොයා බැලීමට වෛද්‍ය කණ්ඩායම් කීපයක් එහි යවා ඇති බවයි.

මියගිය 18 දෙනා අවසන් වරට ආහාරයට ගෙන ඇත්තේ සෝයා බෝංචි බව මූලික විමර්ශනයකින් හෙළි වී ඇත.

ප්‍රදේශවාසීන් පවසන්නේ එම මරණ සිදුවීමට පෙර ප්‍රදේශයේ දැඩි දුඟඳක් තිබූ බවයි. එබැවින් මෙම මරණවලට හේතුව විෂ දුමක් ද, ආහාර විෂවීමක් හෝ වෙනත් වයිරසයක බලපෑමක් ද යන්න සොයා බැලීම් සිදුකරන බව සෞඛ්‍ය ප්‍රධානීන් පවසයි.

https://www.ndtv.com/world-news/mysterious-illness-kills-18-14-among-them-children-in-pakistans-karachi-3729387

Related articles

Recent articles

spot_img