-0.7 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ ගනුදෙනු 16,419ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,935 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 32 ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,957ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 421
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 279
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 194

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 12
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 5.2
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 5.2

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ටෝකියෝ සිමෙන්ට් සමාගම (X) 09%
  • ඇක්මී සමාගම 07%
  • ටෝකියෝ සිමෙන්ට් සමාගම  06%

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හේමාස් ‍හෝල්ඩින්ස් සමාගම කොටස් 350,000ක් රුපියල් 60.00 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් 594,000ක් රුපියල් 50..00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 374
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 209
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 192

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 127ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 192ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 65ක මුදලක් කොටස් වෙළෙඳ  පොළෙන් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ටෝකියෝ සිමෙන්ට් සමාගම (X) රුපියල් මිලියන 13
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 05
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එච්.එන්.බී බැංකුව රුපියල් මිලියන 52
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 32
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 11

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img