10.2 C
New York

බදු අයකිරීමට එරෙහිව, සියලු බැංකු සේවකයෝ පාරට බසිති

Published:

උපයන වැටුපට සාපේක්ෂව අයකරනු ලබන බදු මුදල අඩුකරන ලෙස ඉල්ලා රට පුරාම බැංකු සේවකයෝ අද (26) දහවල් උද්ඝෝෂණවල නිරතවූහ.

ඔවුන් පවසන්නේ තම වැටුපෙන් අති විශාල කොටසක් බදු ලෙස කපාගෙන ඇති බවයි. ආර්ථික අර්බුදයත් සමඟ ජීවන වියදම ඉහළ ගොස් ඇති තත්වයක් තුළ දී මෙලෙස බදු අයකිරීම අසාධාරණ බව ඔවුහු පෙන්වා දෙති.

බොහෝ බැංකු සේවකයන් පවසන්නේ තම වැටුපෙන්, ණය වාරික, ලීසිං වාරික ගෙවා අවසන් වූ පසු ඉතිරි වූ මුදල මේ වනවිට බදු වශයෙන් රජය විසින් අයකරගෙන ඇති බවයි. ඇතැම් බිලියනපති ව්‍යාපාරිකයන්ගෙන් නිසි පරිදි බදු අයකර නොගෙන රජයේ සහ පුද්ගලික අං‍ශයේ වැටුප් ලබන සේවක සේවිකාවන්ගෙන් බදු අයකරගැනීම අසධාරණ බව ද උද්ඝෝෂණයේ යෙදී සිටි බැංකු සේවකයෝ කීහ.

Related articles

Recent articles

spot_img