-2.5 C
New York

බන්ධනාගාරයේ අතවර සිද්ධියක් ගැන පොලිස් පරීක්ෂණ

Published:

වැලිකඩ බන්ධනාගාරයේ දී සිදුකරන ලදැයි කියන ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව බොරැල්ල පොලිසිය පවසයි.

වසර 06ක සිරදඬුවම් විඳිමින් සිටින 29 හැවිරිදි පුද්ගලයකුට වැසිකිළියක් තුළ දී 52 හැවිරිදි තවත් රැඳවූවකු විසින් අතවර කර ඇතැයි වාර්තාවේ. 52 හැවිරිදි පුද්ගලයා මරණීය දණ්ඩනයට නියම වූ අයකු බව ද පැවසේ.

ඊයේ (24) දහවල් මෙම අතවරය සිදුකර ඇත. 29 හැවිරිදි රැදවූවා වැසිකිළියට ගිය අවස්ථාවේ දී 52 හැවිරිදි රැඳවූවා බලහත්කාරයෙන් එහි ඇතුළු වී අතවර කළ බව බන්ධනාගාර නිලධාරීන් විසින් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

අතවරයට ලක් වූ රැඳවූවා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටියි.

පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙම සිද්ධිය ඇසින් දුටු බව කියන රැඳවූවකුගෙන් ද පොලිසිය ප්‍රකාශ ලබාගෙන තිබේ.

වැඩිදුර පරීක්ෂණ බොරැල්ල පොලිසිය විසින් සිදුකරයි.

Related articles

Recent articles

spot_img