ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (26) සවස සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබේ.
මේ සඳහා කතානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂනායකවරයාට සහ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂට සහ මෛත්‍රීපාල සිරිසේනට ද ආරාධනා කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංංහ විසින් 2022 දෙසැම්බර් 13 දින කැඳවන ලද පක්ෂ නායක හමුවේ දී සාකච්ඡා වූ සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බව ද වාර්තා වේ.