3.8 C
New York

අධික ශීතල නිසා උතුරු කොරියාවේ අනතුරු ඇඟවීම්

Published:

උතුරු කොරියාවේ මේ දිනවල පවතින අධික ශීතල සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කාළගුණ බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබේ.

රටේ දුප්පත්ම ප්‍රදේශය වන උතුරු ප්‍රදේශවල උෂ්ණත්වය -30C ට වඩා අඩු විය හැකි බව ද වෙරළබඩ ප්‍රදේශවල ද තද සුළං අපේක්ෂා කරන බව ද කාලගුණික අංශ පවසයි.

දකුණු කොරියාව ද සීත තරංග අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර උතුරු චීනයේ වාර්තාගත අඩු උෂ්ණත්වයක් පවතී.

උතුරු කොරියාව අනෙකුත් ස්ථාන මෙන්ම ආන්තික හෝ අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත්ව ඇති නමුත් එහි වැසියන්ට මෙයින් ඇති වන බලපෑම වාර්තා වන්නේ අල්ප වශයෙනි.

රේඩියෝ ෆ්‍රී ඒෂියා දෙසැම්බර් මාසයේදී වාර්තා කළේ පසුගිය වසරේ අගභාගයේදී පැවති අධික ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් අතුරුදහන් වී ඇති බවයි. ආහාර හිඟ වීම නිසා බොහෝ දෙනෙක් කුසගින්නෙන් හෝ ශීත වී මිය යන්නට ඇතැයි සැලකේ.

2020 දී, උතුරු කොරියාව දැවැන්ත ටයිෆූන් පහකට ගොදුරු වූ අතර, එමගින් ගොඩනැගිලි, මාර්ග, කර්මාන්තශාලා සහ ජල පද්ධතිවලට විශාල ව්‍යුහාත්මක හානි සිදු කළ අතර දහස් ගණනක් පුරවැසියන් අවතැන් විය.

විද්‍යාඥයින් පවසන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් සීත රළ ඇතුළු ආන්තික කාලගුණ තත්ත්වයන් බහුලව සිදුවන බවයි.

ලබන සතියේ කොරියානු මහජන හමුදාවේ 75 වැනි සංවත්සරය සැමරීමට පියොංයැං අගනුවර සූදානම් වන විට අඟහරුවාදා සීතල තරංග අනතුරු ඇඟවීම් සිදුවිය.

https://www.bbc.com/news/world-asia-64383442

Related articles

Recent articles

spot_img