-1.6 C
New York

අජිත් ප්‍රසන්න, වසර හතරක් හිරේ

Published:

නීතිඥ අජිත් ප්‍රසන්න, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙන් බරපතල වැඩ සහිත වසර 04 ක සිරදඬුවම් නියමිකිරීමට ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලලේ බහුතර විනිසුරුවරුන් අද තීරණය කළේය.

ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා යන බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව අද ප්‍රකාශයට පත්කරන ලදී.

මෙම සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 03ක දඩයක් ද ඔහුට නියම කෙරිණි. එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතර තවත් මාස හයක සිරදඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන්ව ඇත.

නීතිඥ අජිත් ප්‍රසන්න යුද හමුදාවේ විශ්‍රාමික මේජර් වරයෙකි. ඔහු දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කළේය.

Related articles

Recent articles

spot_img