-1 C
New York

මත්ද්‍රව්‍ය තහනම් කිරීමේ පළමු ගිවිසුමට වසර 111යි. (අද වැනි දවසක් – ජනවාරි 23)

Published:

ලෝකයේ පළමු වරට මත්ද්‍රව්‍ය පාලනය කිරීමෙම් ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කරන ලද්දේ හරියට ම අදින් වසර 111කට පෙර 1912 ජනවාරි 23 වැනි දා ය.

අබිං වෙළෙඳාම සම්බන්ධයෙන් ඇති විවේචනවලට ප්‍රතිචාර වශයෙන් රටවල් 13ක නියෝජනයෙන් ජාත්‍යන්තර අබිං කොමිසමක් ෂැංහයි නගරයේ දී පැවැත්විණි. ඒ 1909 දී ය. එම සාකච්ඡාව දිගටම පවත්වාගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර අබිං සම්මේලනය හේග් නුවර පවත්වන ලද්දේ 1912 ජනවාරි මාසයේ දී ය.

ජනවාරි 23 වැනි දා හේග් සමුළුව අවසානයේ ජාත්‍යන්තර අබිං සම්මුතිය අත්සන් කරන ලද අතර එය ලෝව පළමු මත්ද්‍රව්‍ය පාලන ගිවිසුම ලෙස සැළකේ. මේ ගිවිසුම ලීග් ඔෆ් නේෂන්ස් ගිවිසුම් මාලාවේ ලියාපදිංචි කරන ලද්දේ ඉන් වසර 10කට පසු එනම් අදින් වසර 101ට පෙර 1922 ජනවාරි 23 වැනි දා ය.

මෙම ගිවිසුමට පළමුවරට අත්සන් තබන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, චීනය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඉතාලිය, ජපානය, නෙදර්ලන්තය, පර්සියාව, පෘතුගාලය සහ රුසියාවයි.

මෙම සම්මුතිය 1915 සිට රටවල් ගණනාවක ක්‍රියාත්මක කරන ලද අතර 1919 දී එය වර්සායිල් ගිවිසුමට ඇතුළත් වූ විට ගෝලීය වශයෙන් බලාත්මක විය.

Related articles

Recent articles

spot_img