-2.5 C
New York

‍කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 26,436ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2,090 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 272 ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,990ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 201
  • ෆස්ට් කැපිටල් සමාගම රුපියල් මිලියන 178
  • එක්ස්පෝ ලංකා සමාකම රුපියල් මිලියන 112

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 28
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 10
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • නේෂන් ලංකා  සමාගම 20%
  • මුලර්ස් සමාගම 20%
  • ක්‍රිස් වර්ල්ඩ් සමාගම  17%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 390
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 198
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 74ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 42ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 32ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි. 

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 42
  • හේමාස් සමාගම රුපියල් මිලියන 12
  • ටෝකියෝ සිමෙන්ති සමාගම රුපියල් මිලියන 04

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එලඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 11
  • ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 10

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img