-6.2 C
New York

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනමක්

Published:

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු තරඟ තහනමක් පැනවී ඇැත. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ජනවාරි 21( ඊයේ) සිට නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර තිබෙ.

මේ බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලිඛිතව දැනුම් දී ඇත. ජනවාරි මස 14 වැනි දා පැවැති නිලවරණයෙන් පත්කරන ලද නව නිලධාරී මණ්ඩලය පිළිනොගන්නා බැවින් හිටපු මහ ලේකම්වරයා වන උපාලි හේවගේ වෙත මෙම දැනුම් දීම කර ඇත.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමඟ මීට පෙර එකඟ වූ පරිදි ශ්‍රී ලංකා පාපන්දු සංගමය කටයුතු නොකිරීම, පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම සහ පසුගිය දා පැවැති නිලවරණයේ දී තුන්වන පාර්ශවයක් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනවශ්‍ය මැදිහත් වීම මේ තහනම් කිරිමට හේතු ලෙස දක්වා ඇත.

එම තහනමට අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරන කිසිදු ක්‍රීඩකයෙක්ට, පුහුණුකරුවෙක්ට හෝ නිලධාරියෙක්ට මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ජාත්‍යන්තර තරග හෝ වෙනත් කිසිදු තරගාවලියකට සහභාගීවීම තහනම් වේ.

Related articles

Recent articles

spot_img