spot_img
spot_imgspot_img

බස් අනතුරෙන් තර්ස්ටන් සිසුන්ට කරදරයක් නෑ. ළමයින් තිදෙනකු ඇතුළු 07ක් මරුට

පුවත්

විදෙස්

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් රැගත් බස් රථයක් අද (20) නානුඔය ප්‍රදේශයේ දී වෑන් රථයක සහ ත්‍රී රෝද රථයක ගැටී ප්‍රපාතයකට පෙරැළීමෙන් 07 දෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

වෑන් රථයේ සිටි 06 දෙනකු සහ ත්‍රී රෝද රථයේ රියදුරා එම ස්ථානයේ ම මියගොස් සිටි බව ද පොලිසිය පවසයි. වෑන් රථයේ සිටි අයගෙන් 05 දෙනකු ම එකම පවුලේ සාමාජිකයෝය. ඉන් තිදෙනකු ළමයින් බව ද තහවුරු වී ඇත.

පාසල් බස් රථය ප්‍රපාතයකට පෙරැළීමෙන් මියගොස් ඇති 07 දෙනා සිසුන් යැයි මුළින්ම ප්‍රචාරය වූයේ ප්‍රමාද දෝෂයකිනි. එම පුවත අප rata.lk වෙබ් අඩවිය තුළින් ද ප්‍රචාරය කළ අතර විනාඩි කිහිපයකින් අපි එය නිවැරදි කළෙමු. අනතුරින් මියගොස් ඇත්තේ වැඩිහිටියන් 04 දෙනකු සහ ළමයින් 03 දෙනෙකි. තර්ස්ටන් සිසුන් රැගත් බස් රථය ප්‍රපාතයකට පෙරැළී ඇතැයි ද අනතුරින් 07 දෙනකු මියගොස් ඇතැයි තොරතුරු කඩිනමින් වාර්තා වුව ද මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක් සහ ත්‍රී රෝද රථයක් ද අනතුරට ලක්ව ඇති බව තහවුරු වූයේ නැත. අප එලෙස වාර්තා කිරීමෙන් පාඨක ඔබට යම් අපහසුතාවක් වූයේ නම් අපගේ බලවත් කණගාටුව මෙයින් ප්‍රකාශ කරන්නෙමු.

මෙම අනතුරෙන් පාසල් සිසුන් 41 දෙනෙකු ද තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය පවසයි. 

තර්ස්ටන් සිසුන් පිරිස නුවරඑළිය ප්‍රදේශයේ චාරිකාවක ගොස් යළි කොළඹ බලා එමින් සිටිය දී හැටන් නුවරඑළිය මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගය ප්‍රදේශයේ දී මේ අනතුර සිදුව තිබිණි. හැටන් දෙසට ධාවනය වෙමින් තිබූ බසය ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ සහ ත්‍රී රෝද රථයේ ගැටී ඇත. එම අනතුරත් සමඟ මාර්ගයෙන් ඉවතට ගිය බසය අඩි 100ක පමණ ප්‍රපාතයට ගොස් ඇත.

වෑන් රථයේ ළමයින් තිදෙනෙකු ද සිට තිබුණි. අනතුරට ලක්වන අවස්ථාවේ බස් රථයේ 53 දෙනකු සිටි බවත් ඉන් 41 දෙනකු 11 ශ්‍රේණියේ දරුවන් බවත් අනෙක් පිරිස ගුරුවරුන් සහ දෙමාපියන් බවත් වාර්තාවේ. තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිවරයා පවසන්නේ කිසිදු සිසුවකුට බරපතල තුවාල සිදුව නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!