spot_img
spot_imgspot_img

ධර්මාශෝක විදුහලේ එකතු කළ මුදල් ආපසු ගෙවයි ගුරුවරු, විමර්ශන කණ්ඩායම රවටයි

පුවත්

විදෙස්

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ අයථා මුදල් අයකිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් අද (19) එම විද්‍යාලයට පැමිණ ඇත.

විමර්ශන කණ්ඩායම පැමිණෙන බව දැනගත් වහාම, උසස් පෙළ සිසුන්ගෙන් විද්‍යාගාර ගාස්තු යැයි කියමින් අයකරගන්නා ලද රුපියල් 2,100.00ක මුදල, විමර්ශන කණ්ඩායම පැමිණෙන බව දැනගත් වහාම නැවත ආපසු ගෙවීම ආරම්භ කර තිබෙන බව ද වාර්තාවේ.

පන්තිභාර ගුරුවරුන් විසින් මේ මුදල් ආපසු ගෙවමින් සිටින බව අප මාධ්‍යවේදීන් තහවුරු කරගෙන ඇත.

මේ අතර විමර්ශන නිලධාරීන් ධර්මාශෝක විද්‍යාලයේ වාණිජ අංශයේ ගුරුවරයකු හමු වී පාසල් සිසුන් 06 දෙනකුගේ දෙමාපියන්ගේ දුරකථන අංක ඉල්ලා ඇත. එසේ දුරකථන අංක ලබාගෙන ඇත්තේ මෙම මුදල් අයකිරීම පිළිබඳ සාක්ෂි සටහන් කරගැනීමටය. විමර්ශන කණ්ඩායමට අදාල දුරකථන අංක ලබාදුන් ගුරවරයා වහාම එම දරුවන් 06 දෙනා කැඳවා “අපි සල්ලි එකතුකරපු බවක් කියන්න එපායැයි අම්මලට තාත්තලට කියන්න. ඔයාලා මේ ඉස්කෝලේ තව දුරටත් ඉගෙන ගන්න ඕනනේ. මේ ඉස්කෝලේ නම කැත කරන්න මොනවත් කියන්න එපා” යනුවෙන් දරුවන්ට පවසා ඇත්තේ වැඳ වැටෙන තරම පින්සෙණ්ඩු වෙමිනි.

“අපේ පාසලේ කිසිම නීති විරෝධී මුදල් අයකිරීමක් සිදුවන්නේ නෑ” යනුවෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මාධ්‍යයට චෝදනා කළ සම ලේකම්වරයාගේ දරුවාට ද 12 ඒ පන්තියේ දී අද (19) රුපියල් 2,100.00 ක මුදලක් ආපසු ලැබීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!