-2.5 C
New York

සනත් නිශාන්තට සමූපකාර ඡන්දයෙන් අන්ත පරාජයක්. ජාජබ ජය ගනී

Published:

ආරච්චිකට්ටුව විවිධ සේවා සමූපකාර ඡන්ද විමසීමේ දී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පරාජයට පත්ව ඇත.

සමූපකාරයට සභිගයන් තෝරාපත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම 17 වැනි දා පැවති අතර තෝරාගනු ලබන  සභිගයන් සංඛ්‍යාව 09 දෙනෙකි. රාජ්‍ය ඇමතිවරයකු වුව ද සනත් නිශාන්තට මෙම ඡන්දයේ දී හිමිව තිබුණේ 11 වැනි ස්ථානයයි.

තෝරාගත් සභිගයන් 09 දෙනකු අතරින් 06 දෙනකුම ජාතික ජන බලවේගයේ කණ්ඩායමෙන් තේරීපත්ව තිබීම විශේෂත්වයකි.

රාජ්‍ය ඇමතිවරයා පරාජයට පත්ව ඇති බව දැනගත් විගස එහි රැස්ව සිටි ජනතාව ඔහු ඉදිරිපිට දී ම හූ කියමින් කෑකෝ ගසමින් විරෝධය පළ කළහ. ජනතා විරෝධය හමුවේ සනත් නිශාන්ත නිහඬව සිටිය ද ඔහුගේ සොහොයුරා එම පිරිසට බැන වැදී ඇත. රාජ්‍ය අමාත්‍යවරයාගේ සහෝදරයකු වන ජගත් සමන්ත 05 වැනියා ලෙස සමූපකාරයට තේරී පත්වූයේ ය.

Related articles

Recent articles

spot_img