spot_img
spot_imgspot_img

සාහිත්‍ය චක්‍රවර්තී සුමිත්‍රා පීරිස් දිවි ගමනට සමු දෙයි

පුවත්

විදෙස්

සාහිත්‍ය චක්‍රවර්තී ගෞරව ආචාර්ය උපාධිය ලබාගත් මෙරට සිනාමවට සම්බන්ධ ප්‍රථම කාන්තාව ලෙසින් ඉතිහාසයට එක් වූ සුමිත්‍රා පීරිස් අද (19) අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට 88 හැවිරිදි වියේ පසු වූ ඇය දිවංගත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳයි.

1935 මාර්තු මස 24 වැනි දින කළුතර දිස්ත්‍රික්කයේ පයියාගල දී සුමිත්‍රා ගුණවර්ධන නමින් උපන් ඇය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සමීප ඥාතිවරියකි. ඇගේ පියා හෙන්රි ගුණවර්ධන (හැරී ගුණවර්ධන) වූ අතර ඔහු අවිස්සාවේල්ල ප්‍රදේශයේ නීතිඥවරයකු ලෙස කටයුතු කළේය. මව හැරියට් වික්‍රමසිංහයි. සුමිත්‍රාට ගාමිණී සහ චන්ද්‍රලතා නම් වැඩිමල් සොහොයුරෙක් හා සොහොයුරියක් සිටින අතර රංජිත් නමින් බාල සොහොයුරෙක් ද සිටියි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික අධ්‍යාපන ආරම්භ කළ ඇය පසුව කොළඹ විශාකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය පසුව කොළඹ ඇක්වයිනාස් විද්‍යාලයෙන් ලන්ඩන් උසස් පෙළ හැදෑරුවාය. වයස අවුරුදු 20 දී තම සොහොයුරා ඒ වනවිට ජීවත් යුරෝපයට ගිය ඇය එහි දී රැකියා කිහිපයක ම නිරතව සිටියාය.

1964 ජුනි 19 වැනි දා ඇය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ විවාහ දිවියට ඇතුළු වූවාය. 1990 දශකයේ අගභාගයේ දී ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ද කටයුතු කළ සුමිත්‍රා පීරිස් තම සැමියා සමග එක්ව මෙරට සිනමා සහ ටෙලි නාට්‍ය කලාවට විශාල දායකත්වයක් දුන් කාන්තාවකි.

ඇය අධ්‍යක්ෂණය කළ චිත්‍ර පට අතරින් මෙරට ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වූයේ “ගඟ අද්දර” චිත්‍රපටයයි. ඇය සිනමාව වෙනුවෙන් කරන ලද අනූපමේය සේවාව සළකා කැලණිය විශ්වවිද්‍යාලයේ 120 වැනි උපාධි ප්‍රදානෝත්වසවයේ දී ඇයට සාහිත්‍ය චක්‍රවර්තී ගෞරව උපාධිය පිරිනැමිණි. මෙරට සිනමාවට සම්බන්ධ කාන්තාවක් එවැනි ගෞරව උපාධියකින් පිදුම් ලැබූ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසටයට එක්ව තිබේ. .

සිනමාවෙහි දී අධ්‍යක්ෂණය, සහාය අධ්‍යක්ෂණය, සංස්කරණය හා සම නිෂ්පාදනය යන භූමිකා තුළ සුමිත්‍රා සිය නිර්මාණ දායකත්වය සපයුවාය. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙහි ද සුමිත්‍රාගේ භූමිකාව කැපී පෙනෙන අතර ඈ ශ්‍රී ලංකාවේ පළමු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂිකාව ලෙස ඉතිහාසයට එක් වන්නී ය. ශ්‍රී ලාංකික ටෙලිනාට්‍ය වංශ කතාවෙහි සුමිත්‍රා පීරිස්ගේ ආගමනය සටහන් වන්නේ ඈ විසින් අධ්‍යක්ෂණය කරන ලද ටෙලිනාට්‍ය මාලාවකිනි.

ඒකාංගික හා වාර්තා ටෙලි නිර්මාණ අධ්‍යක්ෂණය කළ සුමිත්‍රා 1971 දී ප්‍රංසයේ ඔර්ෆ් හි ටෙලිනාට්‍ය නිර්මාණය පිළිබඳ පුහුණුව ලැබුවාය. පසුව ලන්ඩන් බී බී සි ය සමඟ “මුහුද අද්දර ගම” නිෂ්පාදනයේ සම නිෂ්පාදිකාව වන්නී ය. “ගැහැනු ළමයි” හා “ගොළු හදවත” ටෙලිනාට්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ සම අධ්‍යක්ෂණය කළා ය.

හැටේ දශකයේ දී තම සැමියා සමඟ චිත්‍රපට සංස්කරණයට අත්පොත් තබන සුමිත්‍රා ලෙස්ටර්ගේ විශිෂ්ට සිනමා නිර්මාණ රාශියක ම සංස්කාරිකාව වූවා ය. “ගම්පෙරළිය”, “දෙලොවක් අතර”, “රන්සළු”, “අක්කර පහ”, “ගොළු හදවත”, “අහසින් පොළොවට”, “දෑස නිසා” ඉන් කිහිපයකි. “බැද්දේගම” චිත්‍රපටයේ සම නිෂ්පාදිකාව වන සුමිත්‍රා “සංදේශය” හා “ගෝඩ් කිං” චිත්‍රපට අධ්‍යක්ෂණයේ දී ලෙස්ටර්ගේ සහාය අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කළාය.

“ ගැහැනු ළමයි” ( 1978) සිට “වෛෂ්ණාවී” දක්වා ඇය විසින් චිත්‍ර පට රැසක් අධ්‍යක්ෂණය කෙරිණි “ගඟ අද්දර”, “සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා” වැනි නිර්මාණ වෙසෙසි වන අතර “යහළු යෙහෙළි”, “මායා”, “ලොකු දුව”, “දුවට මවක මිස”, “සක්මන් මළුව”, “යහළුවෝ” වැනි චිත්‍රපට ද ඒ අතර වෙයි.

සුමිත්‍රා පීරිස් චිත්‍රපට අධ්‍යක්ෂවරියගේ බහුවිධ සිනමා කාර්යයන් තුළ පුරුෂෝත්තම සමාජයක ස්ත්‍රිය විසින් අත්විඳිනු ලබන දුක් පීඩා, ගැහැට පිළිබඳ ස්ත්‍රීවාදී ඇසකින් පමණක් නොව කලාත්මක හා සිනමානුරූපී ඇසකින් දකින්නට ගත් උත්සාහය “ගැහැනු ළමයි”, “ගඟ අද්දර”, “සාගර ජලය මදි ඇඬුවා ඔබ සන්දා” වැනි චිත්‍රපට තුළ පිළිබිඹු කළාය.

ලන්ඩන් චිත්‍රපට උලෙළ, ටෝකියෝ දකුණු ආසියා හා ජාත්‍යන්තර සිනමා උලෙළ, මොස්කව් ජාත්‍යන්තර සිනමා උලෙළ නියෝජනය කළ සුමිත්‍රාගේ චිත්‍රපට සම්භාවනාවට පාත්‍ර වී ඇත. විශිෂ්ට අධ්‍යක්ෂණය වෙනුවෙන් මෙරට සියලුම ප්‍රමුඛ සම්මාන උලෙළහි දී ඇගේ සිනමා කෘති සම්මාන දිනා ඇත. ඕ. සී. අයි. සී, සරසවිය, ජනාධිපති සම්මාන පවා ඇගේ චිත්‍රපට රැසකට හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!