3.8 C
New York

ජනපති ඉල්ලා අස්වෙයි

Published:

වියට්නාමයේ ජනාධිපති Nguyen Xuan Phuc ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබේ.

ඔහු යටතේ සේවය කළ නියෝජ්‍ය අගමැතිවරුන් දෙදෙනකුගේ නික්ම යාමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.

හිටපු අගමැතිවරයකු වන ෆුක් මහතා 2021 සිට වියට්නාමයේ ජනාධිපති ධුරය හෙබවීය. 69 හැවිරිදි ෆුක් මහතා 2016 සිට 2021 අප්‍රේල් දක්වා ඔහු ජනාධිපති ලෙස තේරී පත්වන තෙක් අගමැති ලෙස සේවය කළේය – ඔහු, වියට්නාම දේශපාලනයේ මුදුනේ ඇති “කුළුණු හතරෙන්” එකකි.

ඔහු ඉල්ලා අස්වන බවට ආරංචිය එන්නේ දැඩි මතධාරීන්ගේ නායකත්වයෙන් යුත් දූෂණ විරෝධී මෙහෙයුමක් අතරතුරදීය. කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් සිය ගණනක් එහිදී විමර්ශනය කෙරේ.

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම සඳහා ජාතික සභාවෙන් අනුමැතිය අවශ්‍ය වන අතර, එය බදාදා අසාමාන්‍ය ඡන්ද විමසීමක් පැවැත්වෙන අතර එය විධිමත්ව සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ මස මුලදී ඉල්ලා අස්වූ නියෝජ්‍ය අගමැතිවරුන් දෙදෙනාට මෙන්ම අමාත්‍යවරුන් දෙදෙනකුට සහ තවත් නිලධාරීන්ට අපරාධ චෝදනා එල්ල වී තිබේ.

ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් ඇති වියට්නාමයෙහි පෙර වසරට වඩා 50% ක වර්ධනයක් පෙන්නුම් කරමින් දූෂණ සිද්ධීන් 453 ක් පොලිසිය විමර්ශනය කර තිබේ.

https://www.bbc.com/news/world-asia-64302745

Related articles

Recent articles

spot_img