-0.6 C
New York

දකුණුු පළාතේ ආසාදිතයන් 133යි

Published:

දකුණු පළාතෙන් ඊයේ (05) දිනයේ දී කොරෝනා ආසාදිතයන් තවත් 06 දෙනෙක් හමුවූ බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

මෙම රෝගීන් හමුවී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ හා වැලිවිටිය දිවිතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨසවලින් එක් අයකු බැගිනි. මාතර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයන් දෙදෙනකු හමුවී ඇති අතර දෙවිනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයකු හා මාතර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් එක් ආසාදිතයකු වාර්තාවෙයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට හා අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ද එක් ආසාදිතයකු බැගින් හමුවී තිබේ.

එම රෝගීන් 06 දෙනා ද ඇතුළත්ව මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 133 දෙනෙකි. එ් ගාල්ල දිස්ත්‍රික්කයෙන් 89ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 26ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 18ක් වශයෙනි.

Related articles

Recent articles

spot_img