3.8 C
New York

උතුරු ඉන්දියාවේ අධික ශීතල කාලගුණයක්

Published:

උතුරු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට අධික ශීතල කාලගුණයක් පැවතීම හේතුවෙන් දිල්ලි අගනුවර උෂ්ණත්වය සඳුදා උදෑසන වනවිට සෙල්සියස් අංශක 1.4 දක්වා පහත වැටුණි.

ඉදිරි දින දෙක තුළ ශීතල තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවට කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුව උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 ට වඩා අඩු වූ විට සීතල තත්ත්වයක් ප්‍රකාශ කරයි.

සඳුදා, දිල්ලි නගරයේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 ට වඩා පහත වැටීමත් සමඟ මෙම වාරයේ ශීතලම දිනය අත්විඳින ලදී.

වයඹදිග ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවල ද ශීතල රළ තත්ත්වයන් සහ මීදුම් සහිත කාලගුණයක් පැවතුණි.

ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) පුරෝකථනය කර ඇත්තේ බදාදා දක්වා වයඹ සහ මධ්‍යම ඉන්දියාව පුරා දැඩි ශීතල තත්ත්වයක් පවතිනු ඇති බවත් ඉන් පසුව උෂ්ණත්වය සුළු වශයෙන් ඉහළ යනු ඇති බවත්ය.

“උණුසුම් ලොම් ඇඳුම් ස්ථර කිහිපයක්” පැළඳීමට, “එළිමහන් ක්‍රියාකාරකම් වළක්වා ගැනීමට හෝ සීමා කිරීමට” සහ අධික ශීතලෙන් පශු සම්පත් ආරක්ෂා කරන ලෙස කුලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

දින කිහිපයකට පෙර, ජනවාරි 5 සිට 9 දක්වා දිල්ලිය සීතල තත්වයන් පැවතිණ. බලධාරීන් විසින් ශීත නිවාඩු දින දීර්ඝ කරන ලෙස පාසල්වලින් ඉල්ලා තිබූ අතර පන්ති අවලංගු කර ඇත.

අගනුවර දින කිහිපයක් තිස්සේ පැවති දැඩි මීදුමක් හේතුවෙන් ද ප්‍රවාහන සේවාවලට දැඩි බාධා ඇති විය. දුර්වල දෘශ්‍යතාව හේතුවෙන් දිල්ලි ගුවන් තොටුපළේ ගුවන් ගමන් 100 කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද වී ඇති අතර තවත් කිහිපයක් වෙනත් ස්ථානවලට හරවා යැවීමට සිදු වූ බව වාර්තා පවසයි.

https://www.bbc.com/news/world-asia-india-64286591

Related articles

Recent articles

spot_img